රජය සිදුකරන යහපත් වැඩ සදහා සහාය ලබාදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේ මාස 4 ක් සදහා පැවති
අතුරු සම්මත ගිණුමේ විවාදයට එක්වෙමින්.
පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී අමිහිරි අත්දැකීම් රැසකට මුහුණදීමට සිදුවු බව ද ඔහු සදහන් කළේය.
මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව තුල කළකිරීමක් ඇති බව පෙන්වා දුන් මන්ත්‍රිවරයා සදහන් කළේ එවැනි දේවල් යළි ඇති නොවීමට වගබලා ගන්නා ලෙසය.