අයවැයක් සම්මත නොවී ඇති වටපිටාවක ලබන වසරේ පළමු මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ සඳහා වූ ඡන්ද විමසීමේ දී, පක්ෂව ඡන්ද 102 ක් හිමි වූ අතර, ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධව ඡන්දය භාවිත කළේය.
විරුද්ධව හිමි වූ චන්ද සංඛ්‍යාව 6 කි.
එක්සත් ජාතික නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ද්‍රවිඩ ජාතික සන්ධානය ද පක්ෂව ඡන්දය භාවිතා කළේය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද ඉදිරිපත් කළ ගිණුමේ රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වැය කිරීමට යෝජනා කර තිබිණ.
ඉන් රුපියල් බිලියන 970ක් වෙන් වන්නේ, ණය පොළී සහ වාරික ගෙවීම සඳහාය.
මේ අතර අතුරු සම්මත ගිණුමේ ඡන්ද විමසීමෙන් පසුව ජනවාරි මස 08 වැනිදා පස්වරු 1 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිණ.
