හලාවත නගරයේ ගින්නක්: වෙළෙඳසැල් 9 කට හානි

හලාවත ගින්නකින් වෙළෙඳසැල්‍ 9 කට හානි

by Staff writer 20-12-2018 | 6:28 AM

COLOMBO (News 1st) - අද අලුයම ඇති වූ ගින්නකින් හලාවත නගරයේ වෙළෙඳසැල් 9 ක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.

හලාවත නගරයේ පදික වෙළෙඳ සංකීර්ණයක මෙම ගින්න හටගෙන ඇත. ගින්න හටගෙන සුළු මොහොතකින් හලාවත පොලීසිය මැදිහත්ව හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවා ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර පැයකට ආසන්න කාලයක් තුළ ගින්න සම්පුර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කළ බව අප වාර්තාකරු පැවසුවේ ය. ළඟ එන නත්තල වෙනුවෙන් මෙම වෙළෙඳසැල්වල භාණ්ඩ පුරවා තිබී ඇති අතර ඒවා මුළුමනින්ම විනාශ වී ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ ය.