සිරියාවෙන් අමෙරිකානු සෙබළුන් ඉවත් කිරීමට පියවර

සිරියාවෙන් තම සෙබළුන් ඉවත් කර ගන්නා බවට අමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්...!

by Staff writer 20-12-2018 | 7:23 AM

සිරියාවෙන් අමෙරිකානු සෙබළුන් ඉවත් කරගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, මේ වනවිට අයි. එස් ත්‍රස්තවාදීන් පරාජය කර ඇති බැවින් මෙම පියවර ගන්නා බවය. මෙහෙයුමේ මීළඟ අදියරට යොමුවන බව පෙන්ටගනය කියා සිටි නමුත් ඒ කුමක්දැයි නිසි ලෙස පැහැදිලි කර නොමැත. මේ වනවිට අමෙරිකානු සෙබළුන් ඊසාන දිග සිරියාවේ වැඩි කොටසක් අයි. එස් ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන ඇති නමුත් ඇතැම් ප්‍රදේශවල තවමත් අයි. එස් ත්‍රස්තවාදීන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.