සරසවි සිසු විරෝධතා පා ගමනට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

by Staff writer 20-12-2018 | 4:35 PM
COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ, කොටුව දුම්රිය ස්ථානය අසළදී ය. අද පස්වරුවේ මරදාන ටෙක්නිකල් මංසන්ධියෙන් සිසුන් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළේ, විශ්වවිද්‍යාල කිහිපයක පවතින ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමිනි.