by Staff writer 20-12-2018 | 10:33 PM
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් සහ මිහින් ගුවන් සේවයේ සිදු වූ දූෂණ අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරී ඒ.එස්. චන්ද්‍රසේකර මහතා සාක්ෂි ලබා දුන්නේ ය.
එහිදී හෙළිදරව් වූයේ, 2011 වසරේදී චන්ද්‍රසේකර මහතා විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවලිය ඉහළ කලමනාකාරිත්වය විසින් නොතකා හැර ඇති බව ය.
නමුත් පසුව අප්‍රකට ගුවන් සේවා උපදේශන සමාගමක් වූ ඉන්ටර් විස්ටාස් නම් වූ සමාගමක් විසින් ඉදිරිපත් කළ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම සඳහා අනුමැතිය ලැබී ඇති අතර එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වුණු මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 500ක් බව ද හෙළිදරව් විය.