මාස 10ක් තුළ වසර 10ක වැඩ කිරීමට ඇමති සජිත් සැරසෙයි

by Staff writer 20-12-2018 | 8:57 PM
COLOMBO (News 1st) - නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කෙටි කාලයක් තුළ ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට ඇති සිය කැපවීම අද අවධාරණය කළේ ය. දිවුරුම් දීමෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා පළමුව පැමිණියේ ඔහුගේ අමාත්‍යංශයට ය. ආගමික වතාවත්වලින් පසුව රාජකාරී ආරම්භ කළ අමාත්‍යවරයාගේ පළමු කටයුත්ත වූයේ, ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් මහතාට පුද්ගලික ධානපතියෙකුගෙන් ලද රුපියල් ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග කිරීමයි. තම අමාත්‍යංශය පැය 24ම වැඩ කරන අමාත්‍යංශයක් බවට පත් කරන බව මාධ්‍ය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ය. අමාත්‍යවරයා සිය අමාත්‍යංශයේ නිලධාරීන් සමග පැවසුවේ, මාස 10ක් තුළ අවුරුදු 10ක වැඩ කටයුතු කිරීමට සූදානම් වන ලෙස ය.