මහින්ද අමරවීරගෙන් කථානායකට ලිපියක්..!

මහ මැතිවරණයෙන් තේරීපත් වූ සන්ධාන මන්ත්‍රීවරුන් එලෙසම කටයුතු කරන බවට මහින්ද අමරවීරගෙන් කථානායකට ලිපියක්..!

by Staff writer 20-12-2018 | 11:32 AM

COLOMBO (News 1st) - පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් තවදුරටත් එලෙසම කටයුතු කරන බව එහි මහ ලේකම් මහින්ද අමරවීර මහතා කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසයි.

මහින්ද අමරවීර මහතා පැවසුවේ, 2015 අගෝස්තු 17 වැනි දා පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් තවදුරටත් සන්ධානයේ සාමාජිකයින් ලෙස කටයුතු කරන බව එම ලිපියෙන් කථානායකරයා වෙත දැනුම් දුන් බවය. අදාළ ලිපිය අද පෙරවරුවේ කථානායකවරයා වෙත භාරදුන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.