රංජිත් සොයිසා ඇතුළු 4ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු 4ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

by Staff writer 20-12-2018 | 9:04 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ලබන මස පළමු වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, පසුගිය 16 වන දා ගොඩකවෙල නගරයේදී පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධයෙන් ඔවුන් අද ගොඩකවෙල පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී ය. අත්අඩංගුවට ගත් රංජිත් සොයිසා මහතා ඇතුළු සැකකරුවන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.