ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 20-12-2018 | 5:54 AM

දේශීය පුවත්

1. ශ්‍රීලංකන් හා මිහින් ලංකා ජනපති කොමිෂන්වල කාලය දිගුවෙයි: ශ්‍රීලංකන් සහ මිහින් ලංකා සමාගම්වල සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය පෙබරවාරි මස 15 වන දා දක්වා දීර්ඝ කර තිබේ. 2. විපක්ෂ නායකවරයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී: විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ උදෑසන අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගත්තේ ය. 3. මි. 9 ක රන් මාල සමග සැකකරුවෙකු රේගු භාරයට: රුපියල් මිලියන 9 ක් වටිනා රන් මාල තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. 4. නි. පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ්: ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් CID අත්අඩංගුවට පත් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතික මර්සලී තෝමස් යන සැකකරුවන් ලබන 2 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 5. පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම් සම්බන්ධ සියලු දර්ශන අද නැරඹීමේ තීරණයක්: පාර්ලිමේන්තුවේ පසුගියදා සිදු වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සියලු වීඩියෝ දර්ශන අද දිනයේ නැරඹීමට ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව තීරණය කර තිබේ. 6. පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමේ: නිලාවේලි මුහුදේ මේ දිනවල පවතින රළු ස්වභාවය හේතුවෙන් පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

විදෙස් පුවත්

7. ට්‍රම්ප්ගේ පුණ්‍යායතන පදනම වසා දැමීමේ සූදානමක්: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතභේදයට තුඩු දුන් පුණ්‍යායතන පදනම වසා දැමීමට සූදානම් වන බව නිව් යෝර්ක් ප්‍රාන්ත නීතිපතිවරයා නිවේදනය කළේ ය.