ඇලෝසියස්ගේ හා පාලිසේනගේ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන පළමු වන දා

by Staff writer 20-12-2018 | 4:57 PM
COLOMBO (News 1st) - පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන පළමු වන දා නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද තීරණය කළා ය. එම සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසට නීතිපතිවරයා විසින් ලිඛිත විරෝධතාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ ය. සැකකරුවන් දෙදෙනාම බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් යළි ලබන පළමු වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා ය.