ආණ්ඩුවට පිටුපෑ මන්ත්‍රීන්ට කැබිනට් ඇමති ධූර අහිමි වෙයි

by Staff writer 20-12-2018 | 5:40 PM
COLOMBO (News 1st) - එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ආණ්ඩුවට එක් වූ කිසිදු මන්ත්‍රීවරයෙකුට අද කැබිනට අමාත්‍ය ධූර හිමි නොවී ය. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සහය දීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එක් වූ පිරිස 6කි. ඒ, විජිත් විජයමුණි සොයිසා, ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ, මනූෂ නානායක්කාර, ඉන්දික බණ්ඩාරනායක සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන් ය. මේ අද පැවති උත්සවයේදී අදහස් පළ කළ විජිත් විජයමුනි සොයිසා මහතා මේ අතර පක්ෂ මාරු කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජයේ වැඩි අවධානයක් යොමු වූ වසන්ත සේනානායක, වඩිවෙල් සුරේෂ් සහ විජයදාස රාජපක්ෂ යන මහත්වරුන්ට ද අද අමාත්‍ය ධූර හිමි නොවී ය.