by Staff writer 20-12-2018 | 4:12 PM
COLOMBO (News 1st) - රුපියල් 50000ක අල්ලසක් ලබා ගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා ලබන මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට සැකකරු අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
වැඩ තහනමට ලක් වූ නිලධාරියෙකුගෙන් අල්ලස් මුදල් ලබා ගැනීමේදී ඔහු ඊයේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබී ය.
ඒ, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය තුළදී ය.