අතුරු සම්මත ගිණුමක් හෙට පාර්ලිමේන්තුවට - මංගල සමරවීර කියයි

by Staff writer 20-12-2018 | 3:37 PM
COLOMBO (News 1st) - මාස 4ක් සඳහා රජයේ වියදම් සඳහා අතුරු සම්මත ගිණුමක් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද පත් වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ලබන වසරේ පළමු මාස 04 සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වැය කිරීමට යෝජනා කර තිබේ. ඉන් රුපියල් බිලියන 970ක් වෙන් වන්නේ, ණය පොළී සහ වාරික ගෙවීම සඳහායි. මෙම ප්‍රමාණය ලබන වසරේ මුල් මාස හතරේ වියදම්වලින් 55%කි. නවතා දමා තිබූ සියලු සංවර්ධන සහ සුබ සාධන ව්‍යාපෘති යළි ඇරඹීමට අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන් කර ඇතැයි මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. නව පාසල් වාරය ඇරඹීමත් සමග ලක්ෂ 40කට අධික පාසල් සිසුන්ට නිල ඇඳුම් සඳහා වවුචර් පත් ලබා දීමට ද සැලසුම් කර තිබේ.