රඹුක්කන පොලිස් සිර මැදිරියෙන් 5ක් පළා යති

රඹුක්කන පොලිස් ස්ථානයේ සිර මැදිරියෙන් සැකකරුවන් 5 දෙනෙක් පළා යති

by Staff writer 19-12-2018 | 12:57 PM
COLOMBO (News 1st) - රඹුක්කන පොලිස් ස්ථානයේ සිර මැදිරියක් තුළ රඳවා සිටි සැකකරුවන් 5 දෙනෙකු ඊයේ රාත්‍රියේ ඉන් පළා ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ සැකකරුවන් හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ කුඩාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය. මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකුට ඇප ලබා දීමට ඔහු ඉවතට ගැනීමට යාමේදී අසළ සිටි පොලිස් නිලධාරියා තල්ලු කරමින් අදාළ සැකකරුවන් සිර මැදිරියෙන් පළා ගොස් ඇතැයි පොලීසිය පැවසුවේ ය. පළා ගිය සැකකරුවන් සොයා පොලීසිය පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.