පහේ හපනුන්ගේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

පහේ හපනුන්ගේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

by Staff writer 19-12-2018 | 7:22 AM
COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඉන්ටර්නෙට් වෙත යොමු කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, www.doenets.lk වෙබ් අඩවියේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල පළ කර ඇති බව ය. ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසුව වෙනස්කම් සිදුව ඇත්නම් පමණක් ඒවා එම වෙබ් අඩවියේ පළ කර තිබෙන අතර වෙනස්කමක් සිදුව නොමැති ප්‍රතිඵල වෙබ් අඩවියේ පළ කර නොමැති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට ඉල්ලුම් කර ඇති සියලු අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල විදුහල්පතිවරුන් වෙත තැපෑලෙන් යැවීමට නියමිත ය. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් වූ ඉල්ලුම්පත් සංඛ්‍යාව 21000කි. එහෙත් ප්‍රතිඵල වෙනස් වී ඇත්තේ ඉන් 200 දෙනෙකුගේ පමණක් බව ද විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ය.