මි. 9ක රන් මාල සමග සැකකරුවෙකු රේගු භාරයට

මි. 9ක රන් මාල සමග සැකකරුවෙකු රේගු භාරයට

by Staff writer 19-12-2018 | 4:41 PM
COLOMBO (News 1st) : රුපියල් මිලියන 9 ක් වටිනා රන් මාල තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. සහකාර රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, එහි බර ග්‍රෑම් 1198 ක් බවයි. ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අද අලුයම මෙම සැකකරු පැමිණ තිබේ. මෙම රන් මාල අඩක් නිම කරන ලද අතර රේගු විමර්ශන ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය.