ට්‍රම්ප්ගේ පුණ්‍යායතන පදනම වසා දැමීමේ සූදානමක්

ට්‍රම්ප්ගේ පුණ්‍යායතන පදනම වසා දැමීමේ සූදානමක්

by Staff writer 19-12-2018 | 10:35 AM
COLOMBO (News 1st) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතභේදයට තුඩු දුන් පුණ්‍යායතන පදනම වසා දැමීමට සූදානම් වන බව නිව් යෝර්ක් ප්‍රාන්ත නීතිපතිවරයා නිවේදනය කළේ ය. ඒ, අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ වැඩිමහල් දරුවන් 3 දෙනා එම පදනමේ ආධාර මුදල් අවභාවිත කළ බවට නිව් යෝර්ක් ප්‍රාන්ත නීතිපතිවරයා චෝදනා එල්ල කිරීමෙන් පසුව ය. කෙසේ වෙතත් නිව් යෝර්ක් ප්‍රාන්ත නීතිපතිවරයා, මෙම කරුණ දේශපාලනීකරණය කිරීමට ප්‍රයත්න දරණ බව ජනපති ට්‍රම්ප්ගේ පුණ්‍යායතන පදනමේ නීතිඥවරයා චෝදනා කළේ ය.