විපක්ෂ නායකකම මහින්දට: විජයමුණි ඇතුළු 4ක් ආණ්ඩුවේ අසුන් ගනිති

by Staff writer 18-12-2018 | 1:56 PM
COLOMBO (News 1st) : කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 1.00ට පාර්ලිමේන්තුව රැස්විය. ‍ පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායකවරයා විපක්ෂ නායක, සභානායක, අණ්ඩුවේ ප්‍රධාන සංවිධායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරු සඳහා වන නම් ප්‍රකාශයට පත් කළේ ය. ඒ අනුව විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා, සභානායක ලෙස ලක්ෂ්මන් කිරිඇල්ලගේ නමත් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතාගේ නම සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහින්ද අමරවීර මහතාගේ නම් ප්‍රකාශයට පත් කළේ ය. මේ අතර ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්හ.