ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළිත් පහළට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළිත් පහළට

by Staff writer 18-12-2018 | 3:51 PM
(News 1st) - ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් අඛණ්ඩව 3 වන වරටත් පහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොර තෙල් මිල ඊයේ දිනයට සාපේක්ෂව ඩොලරයකින් පහළ ගොස් ඇති අතර බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 58.62ක් ලෙස ය. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොර තෙල් මිල ද 2%කට ආසන්න ප්‍රතිශතයකින් පහත වැටුණු අතර එම වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක් ඩොලර් 48.97ක මිලකට අලෙවි කෙරේ. ඉකුත් ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් 30%කට වඩා වැඩි ප්‍රතිශතයකින් පහත වැටී ඇතැයි ද වෙළෙඳපොළ විශ්ලේෂකයෝ සඳහන් කළහ.