by Staff writer 18-12-2018 | 8:44 PM
COLOMBO (News 1st) - එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 3 දෙනෙක් අද පාර්ලිමේන්තු රැස්වීම අතරවාරයේ ආණ්ඩු පක්ෂයට එක්වූහ.
විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනවිරත්න සහ ඉන්දික බන්ඩාරණායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභාව හරහා ගමන් කර ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්හ.
ආණ්ඩුවට එක්වෙමින් විජිත් විජයමුණි සොයිසා මහතා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවේ පැවසුවේ, තමා එ.ජා.ප.යට එක් නොවූ බව ය.
ඔහු පැවසුවේ, ස්ථාවර දේශපාලනයක් ඇති කිරීමට තමා ආණ්ඩුවට එක් වූ බව ය.