"පක්ෂයට පිටුපෑ මන්ත්‍රීන්ට ඇමතිකම් නැහැ"

පක්ෂයට පිටුපෑ මන්ත්‍රීන්ට ඇමතිකම් නොදෙන්න ජනපතිගෙන් තීන්දුවක්

by Staff writer 18-12-2018 | 10:22 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. ජනාධිපති කාර්යාලයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන්ගත් විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක හා ලක්ෂ්මන් සෙනවිරත්න යන මහත්වරුන් පිළිබඳව සාකච්ඡාවට බඳුන් වී තිබේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ, ආණ්ඩුවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධූර ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කළ බව ය. අදාළ තීරණයට මධ්‍යම කාරක සභාවේ ද අනුමැතිය ලැබී තිබේ.