ඇලෝසියස්, පාලිසේන යළි රිමාන්ඩ්

ඇලෝසියස්, පාලිසේන යළි රිමාන්ඩ්

by Staff writer 18-12-2018 | 11:37 AM
COLOMBO (News 1st) : පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන මස පළමු වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට ඔවුන් අත්අඩංගුවට ගනු ලැබී ය.