ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට - උසස් පෙළ ප්‍රතිඵල වසර අවසානයට පෙර

by Staff writer 17-12-2018 | 7:29 AM

COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් වූ අභියාචනා ප්‍රතිඵල අද නිකුත් කෙරේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, ප්‍රතිඵල ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දී ඇති බවයි. මේ අනුව අද එම ප්‍රතිඵල ලේඛනය විභාග දෙපාර්තමේන්තුවේ www.doenets'. lk වෙබ් අඩවියේ පළ කරනු ඇති. මේ සතිය තුළ පාසල්වලට ප්‍රතිඵල ලේඛන තැපැල් කිරීමට කටයුතු යොදා ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය. මෙම වසරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නැවත සමික්ෂණය සඳහා ඉදිරිපත් තිබු අභියාචනා සංඛ්‍යාව 35000 කට අධිකයි. මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වසර අවසන්වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පුජිත මහතා ප්‍රකාශ කළේ, ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි. අයැදුම්කරුවන් තුන් ලක්ෂ 21,469 දෙනෙකු මෙවර උසස් පෙළ විභාගයට පෙනි සිටියහ. ඒ, විභාග මධ්‍යස්ථාන 2267 කදියි.