මරණ දඬුවම නියම වූවන්ගේ ලැයිස්තුවක් යළි ජනපතිට

මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගේ ලැයිස්තුවක් යළි ජනාධිපති කාර්යාලයට

by Staff writer 17-12-2018 | 6:54 AM

COLOMBO (News 1st) - මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් 20 දෙනෙකුගේ ලැයිස්තුවක් යළි ජනාධිපති කාර්යාලය වෙත යොමු කළ බව බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම පිරිසෙන් 8 දෙනෙකුට අධික පිරිසක් මරණ දඬුවමට එරෙහිව අභියාචනා ගොනු කර ඇති බවය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනා අතුරින් දෙදෙනෙකු පාකිස්ථාන ජාතිකයින් වන අතර කාන්තාවක් ද වන බව බන්ධනාගාර අමාත්‍යාංශය සඳහන් කළේ ය. එම අමාත්‍යාංශය සඳහන් කළේ, මීට පෙර ද මරණ දඬුවම ලබා සිටින මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගේ ලැයිස්තුවක් ජනාධිපති කාර්යාලයට යොමු කළ බවයි.