ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් හමුවෙයි

ජනපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර හමුවක් අද පස්වරුවේ

by Staff writer 17-12-2018 | 9:21 AM

COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත වේ.

ඒ, පස්වරු 5.00 ට ජනාධිපති කර්යාලයේදීයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකු නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බවයි. නව ආණ්ඩුව සමග එක් ව කටයුතු කරනවා ද නැද් ද යන්න පිළිබඳ අවසන් තීරණය ජනාධිපතිතුමා විසින් ඉදිරියේදී ගනු ඇති බව ද එම සමාජිකයා සඳහන් කළේ ය.