ගිනි අවියක් සමග තිදෙනෙකු ගම්පහදී අත්අඩංගුවට

ගිනි අවියක් සමග පුද්ගලයින් තිදෙනෙකු ගම්පහදී අත්අඩංගුවට

by Staff writer 17-12-2018 | 10:11 AM

COLOMBO (News 1st) - විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු ගම්පහ, මාතම්මන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරු සන්තකයේ තිබු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 04 ක් ද සිය භාරයට ගත් බවයි. සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ගිනි අවි ජාවාරමට සම්බන්ධ තව ත් සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳ අනාවරණ වී ඇති අතර ඔවුන් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේ ය. සැකකරුවන් 43 සහ 30 හැවිරිදි මිනුවන්ගොඩ බිංගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ඔවුන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.