ක්‍රිකට් නිළවරණයට තරග නොකරන බව තිලංග කියයි

ක්‍රිකට් නිළවරණයට තරග නොකරන බව තිලංග කියයි

by Staff writer 17-12-2018 | 9:05 PM
COLOMBO (News 1st) : මෙවර ක්‍රිකට් නිලවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව තිලංග සුමතිපාල මහාතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවටක එක් වෙමින් තිලංග සුමතිපාල මහතා මේ බව සඳහන් කළේ ය. ආසියානු ක්‍රිකට් කවුන්සිල මූලස්ථානය ශ්‍රී ලංකාවට අහිමි වීම සම්බන්ධයෙන් ද ඔහු එහදි අදහස් පළ කළේ ය. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේ සභාපති ධූරය සඳහා නාමයෝජනා 4 ක් ඉදිරිපත්වී තිබේ. ඒ මොහාන් ද සිල්වා, ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් සහ ශම්මි සිල්වායි. නාම යෝජනා සඳහා විරෝධතා ගොනු කිරීම දෙසැම්බර් මස 31 වන දා පස්වරු 3ට පෙර සිදු කළ යුතුයි.