අමෙරිකාව පැනවූ සම්බාධක උතුරු කොරියාව හෙළාදකී

අමෙරිකාව පැනවූ නවතම සම්බාධක උතුරු කොරියාව දැඩි සේ හෙළාදකී

by Staff writer 17-12-2018 | 8:05 AM

අමෙරිකාව තමන්ට එරෙහිව පැන වූ නවතම සම්බාධක උතුරු කොරියාව දැඩි සේ හෙළාදැක තිබේ.

ඒ, එම සම්බාධකවලට කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි හරණය කළ කලාපයක් බවට පත්වීමේ මාර්ගය සදාකාලිකවම අවහිර කළ හැකි බව පවසමිනි. උතුරු කොරියානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු මානව හිමිකම් කඩ කළ බව වාර්තාවීමෙන් පසු අමෙරිකාව ඔවුන්ට එරෙහිව සම්බාධක පැනවිය. සිංගප්පූරුවේ පැවති ඓතිහාසික හමුවකදී අමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා මුල්වරට හමුව කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි හරණය කළ කලාපයක් බවට පත්කිරීමට එකඟවූ නමුත් මේ දක්වා එම කටයුතු සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන නොමැත. ඔවුන් දෙදෙනා අතර දෙවන වරටත් හමුවක් සිදුවනු ඇතැයි මාධ්‍ය වාර්තාවල පළ වූ නමුත් එම හමුව කඩිනම් කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය දා ප්‍රකාශ කළ සිටියේ ය.