අබ්දුල්ලා යමීන්ට අධිකරණ නියෝගයක්...!

අබ්දුල්ලා යමීන්ට එරෙහිව දූෂණ චෝදනා යටතේ පරීක්ෂණ පැවැත්වීමට එරට බලධාරීන් සූදානම්ක්

by Staff writer 17-12-2018 | 10:03 AM

මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව දූෂණ චෝදනා යටතේ පරීක්ෂණ පැවැත්වීමට එරට බලධාරීන් සූදානම් වෙති.

ඒ, අමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් තැන්පත් කර තිබූ ඔහුගේ පෞද්ගලික ගිණුමක් අත්හිටුවීමට මාලදිවයින් අධිකරණයක් නියෝග කිරීමෙන් පසුවය. මාලදිවයින් අධිකරණය මෙම නියෝගය කළේ, එරට මහ බැංකුව, අබ්දුල්ලා යමීන්ගේ පෞද්ගලික ගිණුමක සිදු වූ සැකසහිත මුදල් ගනුදෙනු දෙකක් පදනම් කර ගනිමින් පොලීසියට ගොනු කළ පැමිණිල්ලක් පදනම් කර ගනිමිනි. මූල්‍ය වංචා චෝදනා එල්ලවීම හමුවේ අබ්දුල්ලා යමීන්ගෙන් ඉකුත් සිකුරාදා එරට පොලීසිය ප්‍රශ්න කර තිබුණි . ඉකුත් සැප්තැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් අබ්දුල්ලා යමීන් පරාජය විය.