මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගේ ලැයිස්තුවක් යළි ජනාධිපති කාර්යාලයට

මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගේ ලැයිස්තුවක් යළි ජනාධිපති කාර්යාලයට

මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගේ ලැයිස්තුවක් යළි ජනාධිපති කාර්යාලයට

කර්තෘ Staff writer

17 Dec, 2018 | 6:54 am

COLOMBO (News 1st) – මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් 20 දෙනෙකුගේ ලැයිස්තුවක් යළි ජනාධිපති කාර්යාලය වෙත යොමු කළ බව බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම පිරිසෙන් 8 දෙනෙකුට අධික පිරිසක් මරණ දඬුවමට එරෙහිව අභියාචනා ගොනු කර ඇති බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනා අතුරින් දෙදෙනෙකු පාකිස්ථාන ජාතිකයින් වන අතර කාන්තාවක් ද වන බව බන්ධනාගාර අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, මීට පෙර ද මරණ දඬුවම ලබා සිටින මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගේ ලැයිස්තුවක් ජනාධිපති කාර්යාලයට යොමු කළ බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]