සැමියාගේ පහරින් බිරිඳ මරුට

වාකරේදී කාන්තාවක් ඝාතනය කෙරේ

by Staff writer 16-12-2018 | 10:09 AM

COLOMBO (News 1st) - වාකරේ, සින්නතට්ටමුණි ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් මත සැමියා සිදු කළ පහරදීමකින් මෙම ඝාතනය සිදු ව ඇති බවයි. මියගොස් ඇත්තේ 22 කාන්තාවකි. මෘත ශරීරය මඩකලපුව රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ අද සිදු කිරීමට නියමිත ය.