සුනිල් ශාන්තට පළායාමට සහයවූ පුද්ගලයා සොයා මෙහෙයුම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සුනිල් ශාන්තට පළායාමට සහය වූ පුද්ගලයා සොයා STF මෙහෙයුම්

by Staff writer 16-12-2018 | 8:20 AM

COLOMBO (News 1st) - ප්‍රබල මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු වන සුනිල් ශාන්ත නැමැත්තාට බන්ධනාගාරයෙන් පළා යාමට ආධාර අනුබල දුන් පුද්ගලයකු සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒකාබද්ධ මෙහෙයුමක් අාරම්භ කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියකු සඳහන් කළේ, සුනිල් ශාන්තගේ පාපොච්චාරණයකට අනුව මෙහෙයුම ක්‍රියාත්මක බවයි. සුනිල් ශාන්ත නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පළාගොස් තිබුණේ බන්ධනාගාර නිලධාරීයෙකුගේ වෙස් ගත් සිය සහායකයාගේ ආධාරයෙන් ය. ඒ, පසුගිය මස 07 වැනි දා කෑගල්ල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුවයි. අත්අඩංගුවට ගත් සුනිල් ශාන්ත සහ ඔහුගේ තව ත් සහයකයෙකු ලබන 26 වැනි දා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.