අධිවේගි මාර්ගවල අතිරේක දොරටු විවෘත කිරීමේ තීරණයක්

උත්සව සමය වෙනුවෙන් අධිවේගී මාර්ගවල අතිරේක දොරටු විවෘත කිරීමට තීරණයක්

by Staff writer 16-12-2018 | 1:09 PM

COLOMBO (News 1st) - උත්සව සමය වෙනුවෙන් අ‍ධිවේගි මාර්ගවල අතිරේක දොරටු විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකරිය තීරණය කරයි.

එහි අ‍ධිවේගි මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, පිවිසුම් දොරටු ආශ්‍රිතව ඇතිවිය හැකි තදබදය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.