කැබිනට් මණ්ඩලය තිහකට සීමාකළ යුතුයි - එරාන්

එ.ජා.පෙ. කැබිනට් මණ්ඩලය තිහකට සීමාකළ යුතුයි - එරාන් වික්‍රමරත්න

by Staff writer 16-12-2018 | 1:51 PM
ඉදිරි පැය 48 තුළ අමාත්‍ය මණ්ඩලය තෝරා ගැනීමට නියමිත බවත්, එය 30 දෙනෙකුට පමණක් සීමා වනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මාධ්‍ය අමතමින් ප්‍රකාශ කරයි. එක්සත් ජාතික පෙරමුණ තනිව කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීමට සාකච්චා පවත්වන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් කරගන්වාදැයි විමසීමේ දී ඔහු පැවසුවේ, සුදුසුකම් සහිත නම් ඔවුන්ට තනතුරු වරප්‍රසාද ලබා දීමට තමන් ඇතුළු බහුතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විරුද්ධ නොවන බවයි. නමුත්, කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 30 ඉක්මවා යාමට විරුද්ධ බවත්, එක් එක් පුද්ගලයා අනුව තීරණ තීන්දු වෙනස් නොකළ යුතු බවත් එරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය. මෙය තම පුද්ගලික අදහසක් නොවන බවත්, පක්ෂයේ බහුතරයගේ මතයද මෙය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ලබන වසරේ අයවැය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමක දී එරාන් මහතා පැවසුවේ, ජනවාරි මස මුල් සතියේ දී පාර්ලිමේන්තුවට අයවැය  ගෙන ඒමට හැකි බවත් පෙබරවාරි මාසයේ දි සම්මත කර ගැනත හැකි බවත්ය. අයවැය සම්මත කරගැනීමට ඇති ක්‍රියාවලියට දින 26 ක පමණ කාලයක් අවශ්‍යවීම මෙයට හේතුව ලෙසද ඔහු පැවසුවේය. https://www.facebook.com/119154468144820/videos/1118809384954443/