2018 ඡන්ද නාම ලේඛනයට නව ඡන්ද දායකයින් 231,229 ක්

2018 ඡන්ද හිමි නාම ලේඛනය ඡන්ද දායකයින් 231,229 දෙනෙකුගෙන් ඉහළට...

by Staff writer 15-12-2018 | 7:15 AM

COLOMBO (News 1st) - නව ඡන්ද දායකයින් 231,229 දෙනෙකු ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් ව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, 2018 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මුළු ඡන්ද හිමියන් සංඛ්‍යාව එක්කෝටී පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනුහයක් වන බවයි. 2017 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව එම සංඛ්‍යාව එක් කෝටි පනස් හත් ලක්ෂ හැට දහස් අටසිය හැට හතකි. තව ද ඔහු පැවසූවේ, ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා සහතික කරන ලද නව ඡන්ද හිමි නාම ලේඛනය වලංගු වන බවයි. ඡන්ද හිමියන්ට තමන්ගේ ලියාපදිංචිය තහවුරු කර ගැනීම සඳහා කොමිෂන් සභා වෙබ් අඩවියෙන් අවස්ථාව ලබාදී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.