by Staff writer 15-12-2018 | 8:57 PM
COLOMBO (News 1st) - අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කළේ ය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීම සඳහා එකඟතාවකට පැමිණි බව ය.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා හෙට අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිත බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ය.