රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය සීරුවෙන්

රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය සීරුවෙන්

by Staff writer 15-12-2018 | 7:32 AM

COLOMBO (News 1st) - රට තුළ සාමය ස්ථාපිත කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ ඒ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරන්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට සියලු නිලධාරීන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස්දී ඇති බවයි. ඒ අනුව, දැනට ක්‍රියාත්මක ජංගම මුර සංචාර ඉහළ නැංවීමට පියවර ගන්නැයි ද පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස්දී තිබේ. පොලීසිය සඳහන් කළේ, අවශ්‍ය ඕනෑම අවස්ථාවක යෙදවීමට පොලිස් විශේෂ කාර්ය බලකාය ද සීරුවෙන් තබා ඇති බවයි. මේ අතර උත්සව සමය වෙනුවෙන් අද සිට කොළඹ ආශ්‍රීත ප්‍රදේශ වෙත පොලිස් නිලධාරීන් 2000 ක් යොදවන බව පොලීසිය පැවසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සිවිල් සහ නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් වශයෙන් යෙදවීමට පියවර ගෙන ඇති බවයි.