by Staff writer 15-12-2018 | 2:09 PM
COLOMBO (News 1st) - මෙවර සමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන්ට වෘත්තිය පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නවීන තාක්ෂණයත් සමග වෙනස් වෙමින් පවතින ශ්‍රම වෙළෙඳපොළට අවශ්‍ය නිපුණතාවයෙන් හෙබි පුහුණු ශිල්පීන් බිහිකිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු WWW.YOUTHJOBS.LK වෙබ් අඩවියෙන් හෝ 0112 081 808 යන දුරකතන අංකය මගින් ලබාගත හැකි වනු ඇති.