නිදන් හෑරූ පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට

නිදන් හෑරූ පුද්ගලයින් 25 දෙනෙකු ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට

by Staff writer 15-12-2018 | 12:39 PM

COLOMBO (News 1st) - නිදන් හැරූ පුද්ගලයින් 25 දෙනෙකු දිවයිනේ ස්ථාන තුනකදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, වාලච්චේන පේරාල්වලී පුලිපංකල් රක්ෂිත ප්‍රදේශයකදී කැණීම් කරමින් සිටි සැකකරුවන් 15 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සන්තකයේ තිබි ස්කෑන් යන්ත්‍රයක්, ලොරි රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදි දෙකක් ඇතුළු භාණ්ඩ රැසක් සිය භාරයට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. සැකකරුවන් 19, 32, 34, 37, 42, 52, 75 යන වයස්වල පසුවන මාතලේ, ගොකරැල්ල, බකමූන, මාකඩවැව, මැදිරිගිරිය, ගුන්නෑපාන, දියසෙන්පුර, වේයන්ගොඩ, කෑගල්ල, සීදුව සහ පුලාවලී යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මේ අතර ඇල්පිටිය මගුරුකඩුව කොට්ටගල රක්ෂිත ප්‍රදේශයේදී කැණීම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් 30, 44 හැවිරිදි වියේ පසුවන ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ඔවුන් සන්තකයේ තිබි කැණීම් උපකරණ තොගයක් ද සිය භාරයට ගෙන ඇත. තව ද ඇතිමලේ උඩික්කපු ආර බෝගස්යාය ප්‍රදේශයේ තව ත් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සැකකරුවන් අවුරුදු 19 ත් 75 ත් යන අතර වයස්වල පසුවන ඇතිමලේ, ඇඹිලිපිටිය, උඩවලව, ගලෙන්බිදුණු වැව, මොණරාගල සහ හුලංනුගේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුවන් අද මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.