ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 15-12-2018 | 6:37 AM

දේශීය පුවත්

1. මහින්ද අද අගමැති ධූරය හැර යයි: මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබේ. 2. ඇමති මණ්ඩලයට එරෙහි අතුරු වාරණ නියෝගය තවදුරටත් බල පැවැත්වේ: මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේත්, කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූරවලත් කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරණ දුන් අතුරු නියෝගය අත්හිටුවන්නැයි කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේ ය. 3. වැඩ බලන අභියාචනාධිකරණ සභාපති ලෙස එස්. තුරෙයිරාජා දිවුරුම් දෙයි: වැඩ බලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා ඊයේ ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 4. සරත් එන්. සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්: හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඊයේ පෙත්සමක් ගොනු කර තිබේ. 5. මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සුනිල් ශාන්ත බන්ධනාගාරයෙන් පැන ගිය අයුරු හෙළි කරයි: බන්ධනාගාර නිලධාරියෙකු ලෙස සැරසුණු තම සහයකයෙකු මගින් තමන් බන්ධනාගාරයෙන් පළා ගිය බව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුනිල් ශාන්ත නමැත්තා හෙළි කර තිබේ.

විදෙස් පුවත්

6. අමෙරිකානු සෙනෙට් මණ්ඩලය, සෞදියට එරෙහිව යෝජනා 2ක් සම්මත කර ගනී: අමෙරිකානු සෙනෙට් මණ්ඩලය, සෞදි අරාබියට එරෙහිව යෝජනා 2ක් සම්මත කර ගෙන තිබේ.