කෝටි 3කට අධික කොකේන් සමග අයෙක් අත්අඩංගුවට

කෝටි 3කට අධික කොකේන් සමග ගිනිබිසව් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

by Staff writer 15-12-2018 | 4:28 PM
COLOMBO (News 1st) - රුපියල් මිලියන 30කට අධික වටිනාකමින් යුත් කොකේන් කිලෝග්‍රෑම් 2ක් සමග ගිනිබිසව් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු අත්අඩංගුවට ගෙන තිබේ. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, 28 හැවිරිදි සැකකරු නයිජීරියාවේ සිට දෝහා හරහා අද පෙරවරුවේ දිවයිනට පැමිණ ඇති බව ය. ඔහුගේ ගමන් මල්ලේ රහසිගත පතුළක සඟවා තිබියදී එම කොකේන් තොගය සොයා ගෙන තිබේ.