අලුත්වැඩියා නොකළ පාසල් බස් රථවලට වැඩ වරදින ලකුණු

අලුත්වැඩියා නොකළ පාසල් බස් රථවලට වැඩ වරදින ලකුණු

අලුත්වැඩියා නොකළ පාසල් බස් රථවලට වැඩ වරදින ලකුණු

කර්තෘ Staff writer

15 Dec, 2018 | 12:07 pm

COLOMBO (News 1st) – අලුත්වැඩියා කළ යුතු බවට නිවේදන නිකුත් කර ඇති පාසල් බස් රථ හා වෑන් රථ කඩිනමින් අලුත්වැඩියා කර දිස්ත්‍රික් පරීක්ෂකවරුන් වෙත යොමු කරන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එහි සහකාර කොමසාරිස් සුනිල් ජයවීර මහතා සඳහන් කළේ, වසරේ ගත වූ කාලසීමාවේදී ධාවනයට නුසුදුසු වාහන 250 ක් පමණ හඳුනාගෙන නිවේදන නිකුත් කර ඇති බවයි.

එම වාහන අලුත්වැඩියා නොකර ධාවනය වුවහොත්, පාසල් සිසුන් ප්‍රවාහන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]