රාජගිරියේ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

by Staff writer 14-12-2018 | 4:10 PM

COLOMBO (News 1st) - හෙට මධ්‍යම රාත්‍රි 12.00 සිට ඉරිදා පස්වරු 6.00 දක්වා පැය 18 ක කාලයක් රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව මොරගස්මුල්ල, ඇතුල්කෝට්ටේ ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත, රාජගිරිය, නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා මාර්ගය ද ජල සැපයුම අත්හිටුවනු ඇති. මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේ ය.