ග්‍රන්ථ 6 ක් දොරට වඩී...

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හා ඔහුගේ දියණියගේ ග්‍රන්ථ 6 ක් එළිදැක්වෙයි

by Hashini De Mel 14-12-2018 | 3:37 PM

COLOMBO (News 1st) - ප්‍රවීණ සාහිත්‍යවේදී, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා සහ ඔහුගේ දියණිය වන සම්මානි විජේසිංහ මහත්මිය විසින් රචිත ග්‍රන්ථ 6 ක් ඊයේ පස්වරුවේ එළිදැක්විය.

ඒ, කොළඹ මහවැලි කේන්ද්‍රයේදී යි. මෙම අවස්ථාවට කලාකරුවන්, විද්වතුන් ඇතුළු සාහිත්‍ය ලෝලීන් විශාල පිරිසක් එක් ව සිටියහ. ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් රචිත වීනක හා රෝස කුමාරි, රන් තැටියට ගී සින්දු හා ළමා ගී සරණිය යන ග්‍රන්ථ තුනක් එහිදී එළිදැක්විණි. නඩු ගාස්තුව, හොල්මන් ගෙදර සහ දුවකගේ මතක යන ග්‍රන්ථ ත්‍රිත්වය ද එහිදී එළිදක්වනු ලැබු අතර එම ග්‍රන්ථ රචනා කර ඇත්තේ සම්මානි විජේසිංහ මහත්මියයි.