මහින්ද හෙට අගමැති ධූරය හැර යයි

by Staff writer 14-12-2018 | 7:10 PM

COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා හෙට විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

මෙම ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ, රටේ ස්ථාවරභාවය ආරක්ෂා කිරීමේ අරමුණින් මහින්ද රාජපක්ෂ මහතා මෙම ඉල්ලා අස්වීමේ තීරණය ගන්නා බවයි. තව ද මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව ද සමගින් ජනාධිපතිවරයා සමග එක් ව පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරනු ඇත.