එක්දින සහ 20 යි 20 තරගාවලියේ නායකත්වය මාලිංගට

එක්දින සහ පන්දුවාර 20 යි 20 තරගාවලියේ නායකත්වය මාලිංගට

by Staff writer 14-12-2018 | 2:56 PM

COLOMBO (News 1st) - නවසීලන්තයට එරෙහි එක්දින සහ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමි ව තිබේ.

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, එහි නායකත්ව වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට හිමි ව ඇති බවටයි. එහි උපනායක ලෙස නිරෝෂන් දික්වැල්ල නම් කර ඇත. ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා ද අද නම් කළ 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වේ. මේ අතර කුසල් ජනිත් පෙරේරා, අසේල ගුණරත්න සහ සීක්කුගේ ප්‍රසන්න, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්ට, දුෂ්මන්ත චමීරට ද අවස්ථාව හිමි විය. ශ්‍රී ලංකා සංචිතයට නම් කළ සෙසු ක්‍රීඩකයින් වන්නේ ලක්ෂාන් සඳකැන් සහ ලහිරු කුමාර වේ.