කුරුණෑගල සහ වැල්ලව අතර දුම්රිය ප්‍රමාදයක්

උතුරු දුම්රිය මාර්ගයේ කුරුණෑගල සහ වැල්ලව අතර දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 14-12-2018 | 3:59 PM

COLOMBO (News 1st) - දුම්රියක, ලොරි රථයක් ගැටීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ කුරුණෑගල සහ වැල්ලව අතර දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව පාලක මැදිරිය පවසයි.

අනතුරට ලක් ව ඇත්තේ, කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියකි. ඉන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කර ඇත. අනතුරට ලක් වූ ලොරි රථය සහ දුම්රිය, මාර්ගයෙන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි පාලක මැදිරිය සඳහන් කළේ ය.