තීන්දුව ගැන රනිල්ගෙන් ට්විටර් පණිවුඩයක්

තීන්දුව ගැන රනිල් වික්‍රමසිංහගෙන් ට්විටර් පණිවුඩයක්

by Staff writer 13-12-2018 | 6:08 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් ඔස්සේ පණිවුඩයක් නිකුත් කර තිබේ. ජනාධිපතිවරයා අධිකරණ තීන්දුවට ගරු කරනු ඇතැයි විශ්වාස කරන බව එහි සඳහන් ය. ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම කුළුණු තුන වන්නේ ව්‍යවස්ථාදායක, විධායකය , අධිකරණය බව එහි දැක්වේ. මේවා පුරවැසියන්ගේ ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා ඉතා වැදගත් බවද රනිල් වික්‍රමසිංහ මහතාගේ ට්විට්ර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.