සපුගස්කන්දේ වෙඩි තැබිමකින් ව්‍යාපාරිකයෙක් මරුට

සපුගස්කන්දේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මරුට

by Staff writer 12-12-2018 | 9:58 PM
COLOMBO (News 1st) : සපුගස්කන්ද, ගල්වල පාරේදී  ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු අද රාත්‍රි 8 ට පමණ වෙඩි තැබීම සිදුකර ඇති බවයි. ඉන් මියගොස් ඇත්තේ සංජීව ධනුෂ්ක නමැති 35 හැවිරිදි මාකොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ දේහය කඩවත රෝහලේ තැන්පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.